විදුහල්පති පණිවිඩය
M.S.D.පෙරේරා
නව ලොවට සරිලන ගුණ නැණ බෙලෙන් පිරිපුන් සමාජයට වැඩදායී සිසු පරපුරක් බිහිකිරීම යන මෙහෙවර පෙරදැරි කරගනිමින් ගුරු සිසු දෙගුරු සියලු පාර්ශ්වයන් එම මෙහෙවර ඔස්සේ මෙහෙයවමින් පාසල සංවර්ධන ඉලක්ක වෙත දිශානුගත කිරීම අපගේ ඒකායන ප්‍රයත්නයයි.
නගරයෙන් දුරස්ව ග්‍රාමීය පරිසරයක පිහිටා තිබුනද පාසල තුළ හඳුනා ගත හැකි අගයන් වටිනාකම් මෙන්ම සම්ප්‍රදායන් රාශියකි.අවංක,නිර්ව්‍යාජ,විනයගරුක විහාරමහාදේවි දූපුතුන් ප්‍රමුඛ වටිනාකමයි. එමෙන්ම සැබෑ මව්පිය ගුණය දක්වමින් විහාරමහාදේවි දූපුතුන් ගුණනැණ දම් සපිරි දූපුතුන් බවට පත් කිරීමේ කාර්ය සාක්ෂාත් කර ගැනීමෙහි ලා නිබද කැපවෙන ගුරු මවිපිය වරුන් එවැනි තවත් වටිනාකමකි.
අප පාසල තුළින් බිහිවන දරුවා වැඩ ලෝකයට නොපැකිලිව අනුගත විය හැකි තාක්ෂයෙන් සහ සන්නවෙිදන නිපුණතාවලින් සන්නද්ධ අනාගත කම්පනයට නොසැලී මුහුණ දිය හැකි සහකම්පනයෙන් යුතු සංවෙිදි දරුවෙකු බවට පත් කිරීමට නිරන්තරව ප්‍රයත්න දරන්නෙමි.විදිමත් අධ්‍යාපනය තුළින් මෙන්ම සැගවුණු විෂයමාලා තුළින් දරුවාට ජීවත් වීම සදහා අවශ්‍ය මනෝසමාජීය කුසලතා සංවර්ධනය කිරීම අපේක්ෂා කරන්නෙමු. ටම් සදහා දරුවාට අත්දැකීම් බහුල කිරීමට නොයෙක් විෂය සමගාමි සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සැලසුම් කරන්නෙම්.
අධ්‍යාපනික වශයෙන් වෙන්ව ක්‍රීඩාව සෞන්දර්යය වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද ජයග්‍රහන ලබා විහාරමහාදේවි විදු මව ගමිපහ කලාපය තුළ මෙන්ම දිවයින තුළ ද කීර්තිමත් පාසලක් වෙිවායි සුභ ප්‍රාර්ථනා කරමි.
M.S.D.පෙරේරා
විදුහල්පතිනි
බප/ගම්/විහාරමහාදේවි කනිෂ්ට විද්‍යාලය.






