පාසලේ ඉතිහාසය

උදෑසන රැස්වීම.

ශිෂ්‍ය නායක නිල ලාංඡන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

මිශ්‍ර පාසලක් ලෙස වැවේ පාසල නමින් ආරම්භ කර ඇත. පහළ ඉඹුල්ගොඩ පදිංචිව සිටි පරලොව සැපත් ඩී.ඒ.ප්‍රැන්සිස්කෝ මහතා සිය ඉඩමේ තාවකාලික  පාඨශාලා ගොඩනැගිල්ලක් සාදා වෑබඩ පුරාණ විහාරාධිපති කේ.ධම්මානන්ද ස්වාමින්වහන්සේට භාර දීමෙන් 1910 දි මෙහි ආරම්භය සිදු විය.එම ස්වාම්න්වහන්සේගේ මූලිකත්වය යටතේ කේ.ඒ.ජේන්නෝනා මහත්මියගේ ප්‍රධාත්වයෙන් පවත්වා ගෙන ආ මෙම පාසල 1916 දි එම්.කුරේ නෝනා  මහත්මියගේ කාලයේ දි රාජ්‍ය ආධාර ලබන පාසලක් වශයෙන් ලියාපදිංචි කරන ලදි.එතුමිය 1944 දක්වා දීර්ඝ කාලයක් සේවය කර ඇත. මෙහි ආදි කර්තෘ ඩී.ඒ.ප්‍රැන්සිස්කු මහතාගේ භාර්යාව වූ කේ.දෝන ආනමාරියා මහත්මිය අක්කර භාගයක් පමණ වූ ඉඩම් කොටසක් පරිත්‍යාග කිරීම නිසා මෙය 1944 දි රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදි.

             මේ දක්වා විදහල්පතිවරුන් 19 දෙනෙක් සේවය කර ඇති අතර මීට පෙර විදුහල්පතිනිය වූ ආර්.එම්.එස්.එස්.එම්.රණසිංහ මහත්මිය පත්වීමෙන් පසු පාසලේ ප්‍රධාන අඩුපාඩු ලෙස පැවති පුස්තකාලයක්,පරිගණාකාගාරයක් හා කාර්යාලයක් සහිත ගොඩනැගිල්ල විදුහල්පතිනියගේ ඉල්ලීම පරිදි 2016.03.24 දින සාදා දෙන ලදි.

ජනප්‍රිය පාසල් බොහොමයකින් වට වී තිබූ හුදකලා පාසලකි.ආර්ථික අපහසුතා වලින් පෙළෙන දෙමාපියන්ගේ නිසි රැකවරණය නොලබන දරුවන් වැඩි පිරිසක් ඉගෙනුම ලබන මෙම පාසලේ අධ්‍යාපනයේ සැබෑ වටිනාකම නොදත් දෙමාපියන් නිසා මහත් වෙහෙසක් ගැනීමට සිදු වේ. මෙවන් වාතාවරණයක් තුළ කැප වී ක්‍රියා කරන ගුරුභවතුන් නිසා පාසල ඉදිරියට ගෙන යාමට හැකි වීම භාග්‍යයකි.

ආරම්භ කළ වර්ෂය

1910

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

කේ.ඒ.ජේන්නෝනා මහත්මිය

පාසලේ ආදි කතෘගේ නම

කේ.ඒ.ජේන්නෝනා මහත්මිය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

විහාරමහාදේවි කනිෂ්ඨ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

කේ.ඒ.ජේන්නෝනා මහත්මිය

පාසල රජයට පවරාගත් දිනය

1956.02.01

පාසල පැවැත්වූ ස්ථානය

පහළ ඉඹුල්ගොඩ